
දුම්රියේ ගැටී විදෙස් ජාතිකයෙකු මියගොස් ඇතැයි මීගමුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.
ඊයේ (14) උදෑසන මීගමුව, කට්ටුව දුම්රිය ස්ථානයේ දී හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී විදෙස් ජාතිකයෙකු බරපතළ තුවාල ලබා තිබුණි.
පසුව අදාළ පුද්ගලයාව මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි ඉතාලි ජාතිකයෙකු වේ.
මීගමුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



















































