header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
HIV ආසාදන ඉහළ යාමට හේතුව පිරිමින් අතර අනාරක්ෂිත ලිංගික සබඳතා
HIV ආසාදන ඉහළ යාමට හේතුව පිරිමින් අතර අනාරක්ෂිත ලිංගික සබඳතා
Mobitel 1278

මෙරට HIV ආසාදන ඉහළ යාමට පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා ප්‍රධාන හේතුවක් වී ඇති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ වර්තමානයේ HIV ආසාදිත එක් කාන්තාවක් වාර්තා වන විට ආසාදිත පිරිමි පුද්ගලයන් හත්දෙනෙකු වාර්තා වන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

අද (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රවණතා, රෝග වැළැක්වීමේ ක්‍රමවේද සහ අනාගත නවෝත්පාදන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (SLCoSHH) සභාපතිනිය වන විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පෙන්වා දුන්නේ මෙරට HIV ආසාදන වැඩි වශයෙන් වාර්තා වන්නේ පිරිමින් අතර ලිංගික සබඳතා පවත්වන පුද්ගලයන් අතර බවයි.

එමෙන්ම, මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමේදී ද HIV ආසාදන වාර්තා වන බවත්, එය රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු අවදානම් තත්ත්වයක් බවත් ඇය සඳහන් කළාය.

2021න් පසු HIV ආසාදන ඉහළ යාමේ ප්‍රවණතාවක්

1986 වසරේදී මෙරට පළමු ඒඩ්ස් රෝගියා වාර්තා වීමෙන් පසු ලිංගාශ්‍රිත රෝග පාලනය සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇති බව ද ඇය පැවසුවාය.

2021 වසර දක්වා රෝග පාලන කටයුතු සාර්ථකව සිදු වුවද, කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ එම කටයුතුවල යම් පසුබෑමක් ඇති වූ බව ඇය පෙන්වා දුන්නාය.

2023 වසරේ සිට HIV ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ බවත්, 2026 වසරේදී ද එම වැඩිවීම දක්නට ලැබෙන බවත් ඇය සඳහන් කළාය.

කොවිඩ් වසංගතයෙන් පසු අන්තර්ජාලයට ප්‍රවේශ වීමේ අවස්ථා ඉහළ යාම, ආර්ථික අර්බුදය, මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නා පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම මෙම තත්ත්වයට බලපා ඇති සාධක ලෙස ඇය පෙන්වා දුන්නාය.

මුදල් මත පදනම් වූ ලිංගික සබඳතාවලදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම ද HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමට හේතුවක් වී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

උපදංශ රෝගීන්ගේ සංඛ්‍යාවත් ඉහළට (උපදංශය යනු බැක්ටීරියාවක් මඟින් බෝවන බරපතළ ලිංගාශ්‍රිත රෝගයකි)

මෙරට HIV ආසාදිතයන් වසරින් වසර වැඩි වෙමින් පවතින බවත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

එමෙන්ම, දිවයින පුරා සියලුම වයස් කාණ්ඩවල සහ විවිධ රැකියා ක්ෂේත්‍රවල නිරත පුද්ගලයන් අතරින් ආසාදිතයන් හඳුනාගන්නා බව ද ඇය පැවසුවාය.

2021 වසරට පෙර වසරකට උපදංශ රෝගීන් 80ත් 100ත් අතර සංඛ්‍යාවක් වාර්තා වූ නමුත්, මේ වනවිට වසරකට රෝගීන් 1,500ක් පමණ වාර්තා වන බව ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම, 2026 වසරේදී හෙපටයිටිස් බී රෝගීන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, 2025 වසරේදී හෙපටයිටිස් සී රෝගීන් සංඛ්‍යාව සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඇය සඳහන් කළාය.

HIV වැළැක්වීම සහ ප්‍රතිකාර සඳහා නොමිලේ පහසුකම්

HIV වැළැක්වීම සහ ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ශ්‍රී ලංකාව තුළ නවීන ප්‍රතිකාර ක්‍රම පවතින බව ද විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පැවසුවාය.

අතුරු ආබාධ අවම වීම, භාවිත කළ යුතු ඖෂධ ප්‍රමාණය අඩු වීම සහ නොමිලේ ප්‍රතිකාර ලබාගැනීමට හැකි වීම එම ප්‍රතිකාර ක්‍රමවල ඇති වාසි ලෙස ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම, HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක වුවද, පවතින තත්ත්වය හමුවේ එම වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ද ඇය සඳහන් කළාය.

ලිංගික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් මේ මස 29දා සිට

මේ අතර, ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 31 වැනි වාර්ෂික අධ්‍යයන සැසිවාරය සහ සමුළුව ඔක්තෝබර් 29 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ පුද්ගලික හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

“Bridging to Tomorrow – Advancing Sexual Health and HIV Medicine through Collaboration and Innovation” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ බ්‍රිතාන්‍ය HIV සංගමය එක්ව සංවිධානය කරයි.

එහි සමාරම්භක සැසිය ඔක්තෝබර් 29 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ද විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය සඳහන් කළාය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නියෝජනය කරමින් එහි සභාපතිනිය වන විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් වන ප්‍රගීත් ප්‍රේමදාස සහ ලිලානි රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

 චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

 ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

 අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

"පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

 "බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

"බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana