
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව වසංගත රෝග විද්යා අංශය පවසයි.
එහි ප්රධාන වසංගත රෝග විද්යාඥ විශේෂඥ වෛද්ය පාලිත කරුණාපේම මහතා පැවසුවේ, ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බවය.
සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්ය පාලිත කරුණාපේම මහතා මෙම අදහස් පළ කළේය.
“මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් අපේ ආවේක්ෂණ පද්ධතිය හරහා අපිට නිරීක්ෂණය වෙනවා පසුගිය සති තුන 4 තුළ. පසුගිය සතිය වනවිට ඒ ගන්න සාම්පලවලින් අපිට පේනවා, 35%ක් විතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් කියලා. ඒ කියන්නේ මේ දවස්වල පැතිරිලා යන කැස්ස, හෙම්බිරිසාව, උණ වගේ රෝගවල බොහෝවිට අපි ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් අපි දකිනවා.
හැබැයි මේ රෝගි තත්ත්වය දවස් තුන හතරකින් බොහෝ වෙලාවට ප්රතිකාර සමඟ විශාල ගැටලුවක් නැතිව සුව වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නෑ. හැබැයි ඒ වගේම ගර්භනී මාතාවන්, කුඩා ළමුන් ඒ වගේම වැඩිහිටි අය, දියවැඩියාව, හෘදරෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග පවතින අයට ඉන්ෆ්ලුවෙන්සා ආවොත් සමහර විට සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න.”
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්ය පාලිත කරුණාපේම මහතා,



















































