
දංකොටුව, ගෝනවිල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (18) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 65ක් වූ දංකොටුව ප්රදේශයේ පදිංචිකාරියකි.
අදාළ කාන්තාවගේ ගෙල ප්රදේශය තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















































