
පරුෂ වචනයක් පැවසූ බවට චෝදනා කරමින් බණ්ඩාරගම, වැල්මිල්ල ප්රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයෙකු එහි 7 වැනි ශ්රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහර දී ඇති බවට බණ්ඩාරගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, විදුහල්පතිවරයා තම දරුවාගේ මුහුණට දෙඅතින්ම අවස්ථා කිහිපයකදී ලෙස පහරදුන් බව එම පැමිණිල්ලේ සඳහන්කර තිබේ.
මෙම පහරදීමෙන් දරුවාගේ මුහුණේ සලකුණු සිටින සේ තුවාල සිදුවී ඇති බවත්, තම දරුවාට දත් මැදීමට පවා නොහැකි බවත් පියා එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් සඳහන්කර ඇත.
ප්රහාරයට ලක්වූ සිසුවා ප්රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ.
අදාළ පහරදීම සම්බන්ධයෙන් පාසලේ සේවය කරන සංවර්ධන නිලධාරියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර ඇත.
ඊට එරෙහිව විදුහල්පතිවරයා ඔහුට විරුද්ධව දේශපාලන බලය උපයෝගී කර ගනිමින්, අනෙකුත් ගුරුවරුන්ද සහභාග කරගෙන පෙත්සමක් අත්සන් කරවා ඔහුව පාසලෙන් ඉවත්කිරීමට කටයුතු සම්පාදනය කරමින් සිටින සඳහන්.
ඒ සඳහා හොරණ කලාප කාර්යාලයේ ද උසස් නිලධාරීන්ගේ ද සහය ලබාගෙන ඇති බවද වාර්තාවේ.
බණ්ඩාරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්ය අංශය පරීක්ෂණ පවත්වයි.



















































