
වැල්ලම්පිටිය, මීතොටමුල්ල, පෙරේරා මාවතේ කුලී පදනම මත පදිංචිව සිටිමින් අයිස් මත්ද්රව්ය ජාවාරම් කල 'පියුමි' නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් රුපියල් ලක්ෂ 28කට ආසන්න මත්ද්රව්ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්රව්ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය (16) දින වැල්ලම්පිටිය පොලිස් වසමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 274ක් සොයාගෙන ඇත.
ඇයගෙන් සිදු කරන ලද වැඩිදුර ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකාරිය දිවයිනේ ප්රධාන පෙළේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන 'දෙමටගොඩ චමින්දගේ' ප්රධාන ගෝලයෙකු වන 'දෙමටගොඩ ඉසුරු' යන අයගේ මත්ද්රව්ය බෙදාහැරීමේ ජාලය වැල්ලම්පිටිය ප්රදේශයේ ක්රියාත්මක කළ ප්රධාන සාමාජිකාවක් බවයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඊයේ දින ඇය අලුත්කඩේ අංක 02 මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගත් රැඳවුම් නියෝග මත මේ වන විට වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ රඳවා වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.



















































