
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම පවසයි.
එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ දිවයින පුරා විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවය.
සම්ප්රේෂණ ජාලයේ ඇති වූ ප්රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් අද (17) පෙරවරු 11.45ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටී තිබුණි.





















































