
ඇති වූ හදිසි විදුලි බිඳ වැටීම සවස් කාලය වන විට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පවසයි.
එම සමාගම පැවසුවේ අද සවස 6.30 වන විට මුළු පද්ධතියම යථාවත් කිරීමට හැකිවනු ඇති බවය.
එමෙන්ම ඇතැම් බලාගාර බිඳ වැටී ඇති බවට පළවන පුවත්වල සත්යතාවයක් නොමැති බවත් පවතින තත්ත්වය හමුවේ ගල් අඟුරු බලාගාරය පමණක් නිසි ක්රමවේදය අනුව ක්රියා විරහිත කර ඇති බවත් එම සමාගම සඳහන් කර තිබේ.
එමෙන්ම ඇතැම් ප්රදේශවලට මේ වන විටත් විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බැවින් මුළු පද්ධතියම අද පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවද ඔවුන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.



















































