
අතිශය ජනාදරයට පත්ව සිටි කාවන්තිස්ස හස්තිරාජයා මියගොස් තිබේ.
රෝගී තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා අද (16) පෙරවරුවේ සියඹලන්ගමුව ප්රදේශයේ ඇදවැටී සිටියදී හමුවිය.
ගල්ගමුව ප්රදේශයේ වාසය කළ ඇතාගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිට ගැටලු මතුවිය.
ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්රතිකාර ආරම්භ කර ලදී.
පාදයේ තුවාලය යම්තාක් දුරට සුවවී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව සඳහන්ය.
කාවන්තිස්ස හස්තිරාජයා සැලකෙන්නේ මෙරට සිටින විශාලතම සහ උසම ඇත් රජෙකු ලෙසය.




















































