
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත අධිකරණය විසින් ලබාදුන් නියෝගය පොලීසිය විසින් කියවා දී භාරදී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබුණේ පොලීසිය කළ ඉල්ලීමකට අනුවය.
අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති.
ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි මහා සංඝරත්නය ඇතුළු පිරිස සඳහන් කළේ, ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සම්බන්ධයෙන් රජයෙන් නිශ්චිත ප්රතිචාරයක් ලබාදිය යුතු බවය.
ඒ අනුව, රාත්රිය ද එම ස්ථානයේ ගත කරමින් මහා සංඝරත්නය ඇතුළු පිරිස තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිති.



















































