
විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමත් සමගම අඹතලේ ජල පවිත්රාගාරයේ වැඩ කටයුතු නැවත ආරම්භ කර තිබේ.
ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ ඒ අනුව මේ වන විට ජලය බෙදා හැරීමේ කටයුතු නැවත ආරම්භ කර ඇති බවය.
අද (17) පෙරවරුවේ දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමත් සමගම අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු සඳහා බාධා එල්ල වී තිබුණි.
ඒ අනුව එම පවිත්රාගාරයේ වැඩකටයුතු අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබුණි.



















































