header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද සිව්වැනි දිනටත්
මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද සිව්වැනි දිනටත්
Mobitel 1278

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

පසුගිය 16 වැනි දින පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එදින එහි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය විය.

සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන්වහන්සේලා සඳහන් කරනුයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවය.

පසුගිය 16 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳි සිටි භික්ෂූන් වහන්සේලා පිරිස අනතුරුව බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරිපිටට වැඩම කළ අතර එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවකද නිරත විය.

අනතුරුව එම සාකච්ඡාව අසාර්ථක බව පවසමින් ඉල්ලීම් සඳහා විසඳුමක් ලබා දෙන තෙක් විහාර මහා දේවි උද්‍යානයේ රැඳී සිටින බවට උන්වහන්සේලා සඳහන් කළේය.

මේ අතර ඊයේ (17) රාත්‍රියේ විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිතර ස්වාමින්වහන්සේලා සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය විය.

එහිදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයකින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සුව සැරිය ගිලන් රථයක් ආධාරයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගැනුණි.

මෙහිදී භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස පැවසුවේ පොලිසිය විසින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට පහර දුන් බවය.

කෙසේ නමුත් අදාළ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රික් වුට්ලර් මහතා පැවසුවේ පහරදීම් සම්බන්ධව එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

ඒ මහතා පැවසුවේ ඒ හිමියන් එම ස්ථානයේදී පය ලිස්සා වැටුණු බවත් ඒ අනුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

කෙසේ නමුත් රෝහල් ගත කළ බලංගොඩ කස්සප හිමියන් එහිදී පැයකට පමණ පසු රෝහලින් බැහැරව ගොස් තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවසුවේ ඒ හිමියන් තවදුරටත් ප්‍රතිකාර අනවශ්‍ය බව පවසා මෙලෙස රෝහලින් බැහැරව ගොස් ඇති බවය.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක් සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

'කාවන්තිස්ස'ගේ මරණය ඝාතනයක්ද?"වෙඩි තියපු දිනය දන්නවා...ඝාතකයෝ නිදැල්ලේ..බෙහෙත් අධි මාත්‍රාවෙන් දීලා"

'කාවන්තිස්ස'ගේ මරණය ඝාතනයක්ද?"වෙඩි තියපු දිනය දන්නවා...ඝාතකයෝ නිදැල්ලේ..බෙහෙත් අධි මාත්‍රාවෙන් දීලා"

'කාවන්තිස්ස'ට සෙනෙහසින් සමුදුන් ජනතාව.. | Ada Derana

'කාවන්තිස්ස'ට සෙනෙහසින් සමුදුන් ජනතාව.. | Ada Derana

අදත් ප්‍රදේශ රැසකට වැසි "අකුණු අනතුරු ගැන අවධානයෙන් සිටින්න"| Ada Derana

අදත් ප්‍රදේශ රැසකට වැසි "අකුණු අනතුරු ගැන අවධානයෙන් සිටින්න"| Ada Derana

විහාරමහාදේවී උද්‍යානයේ කඳවුරු බැන්ඳ මහ සඟරුවන මහවැසි මැද රැය පහන් කළ අයුරු | Ada Derana

විහාරමහාදේවී උද්‍යානයේ කඳවුරු බැන්ඳ මහ සඟරුවන මහවැසි මැද රැය පහන් කළ අයුරු | Ada Derana

මගීන්ගේ ලේ වතුර කරමින් කැලය කඩාගෙන පල්ලමට ගිය සුපිරි බස් රථය | Ada Derana

මගීන්ගේ ලේ වතුර කරමින් කැලය කඩාගෙන පල්ලමට ගිය සුපිරි බස් රථය | Ada Derana

 "අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

"අධිකරණයෙන්ම තමා උපදෙස් ගන්න වෙන්නේ''ඥානසාර හිමි නිසා උණුසුම් වුණු දේශපාලන වේදිකාව..

 දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

දිගාමඩුලු භික්ෂු එකමුතුවත් ඥානසාර හිමි වෙනුවෙන් ''මම කිව්වා ඔක්කොටම වව්නියාවට යන්න කියලා''

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

ඥානසාර හිමිට නිදහස ලැබෙයිද ? "නීතිය නවන එක ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ"

 උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

උසාවි ගියාම වෙච්ච දේ කිව්ව කස්සප හිමි.. - "දැන් රෑ වෙනවා..යන්න තැනක් නෑ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

ශිරන්තිගේ ලෙඩ සොයන්න වෛද්‍ය මණ්ඩලයක්

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

එයාර්බස් ගනුදෙනුව : නාමල්ට අධිචෝදනා

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

ටී ෂර්ට් සිද්ධිය : බැසිල් වහා අල්ලනු !

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

අවුරුදු 10කින් රට ගොඩදාන හැටි කියන ටී.බී."අරක මේක කරන්න කියනවා...ඔක්කෝම කරන්න බෑ"

රට පුරා තැන තැන අදත් තද වැසි

රට පුරා තැන තැන අදත් තද වැසි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

සිරකරු ඇඳුම ගැන කමිටුවක් පත්කිරීම ප්‍රශ්නය යට ගැසීමක් - එජාපය කියයි

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...

'සිවුරට යුක්තිය' - පා ගමන අද කොළඹට...