header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නොරොච්චෝලේ බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකිරීමට තීරණයක්
නොරොච්චෝලේ බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකිරීමට තීරණයක්
Mobitel 1278

හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස අක්‍රීය කරනු ලැබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ මෙවැනි තත්ත්වයක් යටතේ මුහුණ දෙන සාමාන්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට යොමුවී ඇති බැවින් දින කිහිපයක් යන තෙක් බලාගාරය පද්ධතියට නැවත සම්බන්ධ නොකරන බවය.

මේ හේතුවෙන් පද්ධතියට අහිමි වන මෙගාවොට් 810ක ධාරිතාව නිසා ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට ජාතික පද්ධති ක්‍රියාකරු ලෙස කටයුතු සම්පාදනය කර ඇති බවද අදාළ සමාගම සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

එමෙන්ම මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි ජනනය උපරිම අගයක පවත්වා ගැනීමට හැකි වීමත් පද්ධතියේ ඉල්ලුම සාපේක්ෂව අඩුවීමට ඇති ප්‍රවණතාවයන් නිසා ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට ජාතික පද්ධති ක්‍රියාකරු අපේක්ෂා කරන බවද එම සමාගම පෙන්වා දී තිබේ.

ඊයේ (17) දිනයේදී පෙරවරු 11.43ට පමණ ජාතික විදුලිබල පද්ධතියෙන් ජනන යන්ත්‍රයක් ඉවත්වීමත් සමග ඇතිවූ අසමතුලිතතාවය හේතුවෙන් තත්ත්පර 30කට අඩු කාලයකදී මුළු දිවයිනටම බලපාන පරිදි පද්ධතියේ බිඳ වැටීමක් සිදුවිය.

ඒ අනුව පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු ඉතා කෙටි කාලයක් තුළ ආරම්භ කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම කටයුතු කළ අතර ඒ අනුව දහවල් 12.11 වනවිට ප්‍රධාන ජල විදුලි ජනන යන්ත්‍ර පද්ධතියට එකතු කරමින් පද්ධතිය වෙන් වෙන් වශයෙන් කොටස් හතරක් යටතේ සමගාමීව පණ ගැන්වීමට කටයුතු කළ බවත් එම සමාගම පෙන්වා දී තිබේ.

පද්ධතියේ ඒ වන විට පැවැති පද්ධති පාලන මධ්‍යස්ථානයේ පාලනයට නතු නොවන කුඩා විදුලි ජනන ප්‍රභව හේතුවෙන් නැවත සම්බන්ධතාව ලබා දීමේදී අභයෝගාත්මක තත්ත්වයක් උදා වූවද දහවල් 12.37න් ඇරඹි බෙදා හැරීමේ පෝෂක පණ ගැන්වීම් හරහා පස්වරු 3.00 පමණ වන විට ප්‍රධාන රෝහල්, ජල පවිත්‍රතාගාර, ගුවන් තොටුපළ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විදුලි සැපයුම ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු ඛල බවත් ඔවුන් සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.

ඒ අනුව පස්වරු 5.00 වන විට සියලු ග්‍රිඩ් උපපොළවලට විදුලි සම්බන්ධතාවය ලබා දී පාරිභෝගිකයින් බහුතරයකට විදුලි සැපයුම යථාවත් කිරීමට පියවර ගත් බවත් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.

එමෙන්ම ජනන බලාගාරයන් හී ආරක්ෂිත පියවරක් ලෙස යම් ජනන යන්ත්‍රයක් හදිසියේ පද්ධතියෙන් විසන්ධි වීම සාමාන්‍ය තත්ත්වක් බවත් නමුත් එවැනි විසන්ධි වීමක් හෝ වෙනත් බාධාවක් හේතුවෙන් මුළු පද්ධතියම බිඳ වැටීම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවද එම සමාගම සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙම සිදුවීමට මූලික වූ නිශ්චිත සිද්ධි දාමය සහ ඒවාට හේතු මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

 අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

අනුනායක හිමිනමකට ලංකා ඉතිහාසයේ පළමුවරට ලැබුණු තහනමක් හිටපු මන්ත්‍රී චන්දිම කියයි

 'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

'අපේ ආණ්ඩුව රටට සුබයි - වසර දෙකයි'බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුවේ අවස්ථාව"ගැහැණුනි සතුටුද?"

 මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

මිහිඳු මහ සෑයේ තැන්පත් කළ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය අද

 කොට කලිසමක් ඇඳලා, වෙස්මූණක් දාගෙන විහාරමහා දේවී පාක් එකට ආ විරෝධකරු...

 කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

කඩේ ගිය මුවා...පණ කඩාගෙන පාර දිගේ දිව්ව දිවිල්ල

 'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

'කාවන්තිස්ස' හස්තියාගේ මරණ පරීක්ෂණයට සූදානම් වූ අයුරු..

 විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

විහාරමහාදේවී භූමියේ දහවල් තත්ත්වය...

 වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

වැලිමඩ - මස්පන්න මාර්ගයට පස් කන්දක් නායයයි

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

කාවන්තිස්ස මැරුණා ද? මැරුවා ද? - ''මේ මස් වැද්දෝ නීතිය ඉදිරියට ගේන්න'' | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

ඥානසාර හිමිට නිදහස ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය - දෙවන දිනටත් විහාර මහා දේවී උද්‍යානයේදී | Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක්  සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

''හැමතැනම හොයනවා ගෑස් නෑ'' - ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක් සමාගමෙනුත් විශේෂ නිවේදනයක්|Ada Derana

Lassana Flora
Spotlight
සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

 ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

ඥානසාර හිමි නිදහස් කරන දිනය කියනතුරු සඟරුවන කොළඹ කඳවුරු බඳිති

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

2030 වනවිට ඇඟලුම් අපනයන ආදායම අ.ඩො.බිලියන 3කින් ඉහළට

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

ගොඩ ගැසී ඇති නඩුවලින් 40,000ක්ම ස්ත්‍රී දූෂණ

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්

සමාජ මාධ්‍යයේ බොරු වපුරන අයට නීතිය තදින්