
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පරිසර අමාත්යාංශය පවසයි.
සැකකරු ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියෙකු බව පොලීසිය පවසයි.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්තඩංගුවට ගෙන ඇත.
ඔහුගේ නිවසේ තිබී බොර 12 වර්ගයේ ගිනි අවියක්" "කැප් තුවක්කු" වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 24ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පුද්ගලයා විසින් මීට පෙර අවස්ථාවකදී "ඩයනා" නමින් හැඳින් වූ ඇතෙකුට වෙඩිතබා ඇති බවටද තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අදාළ අංශ මඟින් ඉදිරි විමර්ශන කටයුතු ක්රියාත්මක අතර, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
වනජීවී සම්පත් හා ජාතික උරුමයන් විනාශ කරන මෙවැනි නීතිවිරෝධී ක්රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ඉදිරියටත් මෙහෙයුම් ක්රියාත්මක කරන බව පරිසර අමාත්යංශය පවසයි.



















































