
ශ්රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්රිකට් තරගාවලියේ ජයග්රහණය හිමිකරගත් ශ්රී ලංකා යොවුන් කාන්තා ක්රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
මෙම තරගාවලියේදී ශ්රී ලංකා යොවුන් ක්රීඩිකා සංජානා කාවින්දි, අවසාන මහා තරගයේ මෙන්ම සමස්ත තරගාවලියේද දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මාන ද්විත්වයම දිනා ගැනීමට සමත් වූවාය.
ඔවුන් ඊයේ (18) රාත්රී 10.43ට පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්රීලංකන් ගුවන් සේවයට අයත් UL-186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
මෙම ජයග්රාහී කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.



















































