
තුන්කොන් ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා සමඟ පැවැති පළමු එක්දින තරගය ලකුණු 37කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49.5ක් තුළ සියලු දෙනාදැවී රැස්කරගත් ලකුණු සංඛ්යාව 305කි.
එහිදී සල්මාන් අගා ලකුණු 107ක් ලබාගත්තේය.
පන්දුයැවීමේදී එෂාන් මාලිංග කඩුලු 04ක් බිඳහෙළීය.
අනතුරු ජයග්රහණය සඳහා ලකුණු 306ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.1ක් තුළ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 268ක් පමණය.
එහිදී පවන් රත්නායක ලකුණු 79ක් සහ ජනිත් ලියනගේ ලකුණු 60ක් රැස්කරගත්තහ. පන්දුයැවීමේදී ශයින් ෂා අෆ්රිඩි කඩුලු 03ක් දවාගත්තේය.



















































