
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එම කොමිසමේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.
චාමර සම්පත් දසනායක මහතා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන අල්ලස් ලබාගැනීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන්, පැය 03කට අධික කාලයක් අද ප්‍රකාශ ලබාදීමෙන් පසු මන්ත්‍රීවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණි.



















































