header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඥානසාර හිමිගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කර ඇතැයි ගම්මන්පිලගෙන් අනාවරණයක්
ඥානසාර හිමිගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කර ඇතැයි ගම්මන්පිලගෙන් අනාවරණයක්
Mobitel 1278

බන්ධනාගාරය තුළදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කිරීම සිදුකර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹ අද (12) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට කළු ඇඳුමින් සැරසී එක්ව සිටි ඔහු තවදුරටත් කියා සිටියේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ජංගම දුරකතනයකින් වෙනත් ස්ථානයක සිටින අයෙකුට නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබාදී තිබූ බවය.

ඥානසාර හිමියන්ගේ ඉල්ලීමක් අනුව පසුගිය ඔක්තෝබර් 08 වැනිදා තමන් වැලිකඩ බන්ධනාගාරයට ගිය බවත්, එහිදී චීවරය ඉවත් කර ජම්පරේ ඇන්දවීමට උත්සාහ කළ ආකාරය පිළිබඳව උන්වහන්සේ තමන්ට පැහැදිලි කළ බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.

2018 වසරේදී ද මෙවැනිම සිදුවීමක් ඇති වූ බවත්, එහිදී ඥානසාර හිමියන් විරෝධය පළ කිරීම හේතුවෙන් නිලධාරීන් එම උත්සාහය අත්හැර දැමූ නමුත් මෙවර නිලධාරීන් පිරිසක් එක්ව උන්වහන්සේට බලහත්කාරයෙන් ජම්පරේ ඇන්දවීමට උත්සාහ කර ඇති බවත් ඔහු පැවසීය.

එම අවස්ථාවේදී එක් බන්ධනාගාර නිලධාරියෙකු සිය ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කර වෙනත් ස්ථානයක සිටින පුද්ගලයෙකුට එම සිදුවීම නිරීක්ෂණය කිරීමට අවස්ථාව සලසා දී තිබූ බව ඥානසාර හිමියන් තමන්ට පැවසූ බව ද ගම්මන්පිල මහතා අනාවරණය කළේය.

ඒ අනුව, ඥානසාර හිමියන්ට ජම්පරේ ඇන්දවීම සිදුව ඇත්තේ උන්වහන්සේගේත්, අදාළ නිලධාරීන්ගේත් බලවත් අකමැත්ත මත ජාතික ජන බලවේගයේ ඉහළ නායකයන්ගේ බලපෑමක් මත බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ  පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,

''ගලබොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි පසුගිය ඔක්තෝබර් 08 වැනිදා මම උන්වහන්සේ බැහැදකින්න වැලිකඩ බන්ධනාගාරයට ගියා. එතනදී උන්වහන්සේගේ සිවුරු ගලවලා ජම්පර් ඇන්දවීම සිදුවුණේ කොහොමද කියන එක ගැන මට පැහැදිලි කිරීමක් සිද්ධ කළා. 2018 දී වගේම මේ අවස්ථාවෙත් නිලධාරීන් ජම්පර් අන්දන්න උත්සාහ කරද්දී හාමුදුරුවෝ සුපුරුදු පරිදි විරෝධය පළ කළා. නමුත් 2018 දී හාමුදුරුවන්ගේ විරෝධය හමුවේ නිලධාරීන් වැඩේ අතහැරියත් මෙවර නිලධාරීන් වැඩේ අත්හරින්න සූදානම් වුණේ නැහැ. ඒ වෙනුවට නිලධාරීන් විශාල පිරිසක් එකතුවෙලා හාමුදුරුවන්ව බලහත්කාරයෙන් ජම්පරේ ඇන්දවීමේ වෑයමක නිරත වුණා.  

මෙතනදී එක නිලධාරියෙක් තමන්ගේ ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කරමින් කවුරුහරි වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට නිලධාරීන් බලහත්කාරයෙන් ජම්පරේ ඇන්දවීමට දරන වෑයම නිරීක්ෂණය කරන්න අධීක්ෂණය කරන්න අවස්ථාව සලසා දුන්නා කියන එක හාමුදුරුවෝ දැකලා තිබුණා. ඒ නිසා හාමුදුරුවන්ට ජම්පර් ඇන්දවීම සිදුවුණේ හාමුදුරුවන්ගෙත්, නිලධාරීන්ගෙත් බලවත් අකමැත්ත තිබියදී මාලිමාවේ ඉහළ නායකයන්ගේ බලපෑම මතයි කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

අවසාන වශයෙන් තමන්ගේ ඇඟේ ඉතුරු වුණු භික්ෂූත්වය එකම ලකුණ වෙච්ච අඳනකඩය ගලවල අතට ගත්තම හාමුදුරුවෝ දැඩි කම්පාවකට පත්වුණා. නිලධාරීන් ඒ අඳනකඩය භාරගන්න අත් දිගු කරාම හාමුදුරුවෝ මනසේ ඇතිවෙලා තිබ්බ දැඩි කම්පනය නිසා නිලධාරීන්ට අඳනකඩය දෙන්නේ නැතුව අඳනකඩය උඩට විසි කරා. ඒක ඒ ස්ථානයේ කැරකැමින් තිබුණු විදුලි පංකාවේ රැඳී තිබෙනවා. ඥානසාර ස්වාමීන් වහන්සේට ජම්පරේ ඇන්දවීම සිදුවුණේ උන්වහන්සේගෙත්, නිලධාරීන්ගෙත් දෙපාර්ශ්වයම බලවත් අකමැත්ත මත ඉහළින් ආපු බලපෑමක් නිසාය කියන එක අපි අවධාරණයෙන් කියා සිටිනවා. 


 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 ''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

''බඩගින්නට පඩි වැඩි කරලා ඉල්ලන්නේ.. තුන්වේල කන්න නෑ''

 වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

වී වගාව අඩු කරන්න ලාල් කළ යෝජනාවට ගොවි සංගම්වල රතු කට්ට පනී

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

චීන පිට්ටනියෙන් හමුවූ මළසිරුරේ තොරතුරු රැසක් එළියට - වැඩතහනම් ලුතිතන් කර්නල්වරයෙක් | Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති කඩිගුල ඇවිස්සෙයි - ''සොරි ඔයගොල්ලන්ට''| Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

කරුණු සලකා බැලූ සලේගේ පෙත්සම - නියෝගය ජන. 28 | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

අදත් උදෙන්ම උණුසුම් වූ පාර්ලිමේන්තුව... සජිත් - කථානායක පැටලෙයි | Ada Derana

නාමල් නැතිව සැමරූ 'ඩී.ඒ. රාජපක්ෂ' ගුණ සැමරුම - මහින්ද ඉදිරියේ දයාන් ජයතිලක කියපු කතා | Ada Derana

නාමල් නැතිව සැමරූ 'ඩී.ඒ. රාජපක්ෂ' ගුණ සැමරුම - මහින්ද ඉදිරියේ දයාන් ජයතිලක කියපු කතා | Ada Derana

දඹුල්ලේ ෆෝන් සොරකමකට පාකිස්තාන ජාතිකයෙකු කෑගල්ලෙන් කොටුවෙයි...'Whatsapp'ඔත්තුව ඵල දරයි| Ada Derana

දඹුල්ලේ ෆෝන් සොරකමකට පාකිස්තාන ජාතිකයෙකු කෑගල්ලෙන් කොටුවෙයි...'Whatsapp'ඔත්තුව ඵල දරයි| Ada Derana

සුරා මතින් ඇවිත් පෙර පාසල් දරුවෙකු අනතුරට ලක්කළ ට්‍රැක්ටර් රියදුරු...| Ada Derana

සුරා මතින් ඇවිත් පෙර පාසල් දරුවෙකු අනතුරට ලක්කළ ට්‍රැක්ටර් රියදුරු...| Ada Derana

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

මහ සයුරේ හොර රහසේ සිදුවෙන මෝර වරල් සහ බීඩි කොළ ජාවාරම

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

රවී සෙනවිරත්නගේ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරේ

වරද පිළිගත් ඩයනා...

වරද පිළිගත් ඩයනා...

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ  කියපු කතා එක පෙළට....

මැතිසබය හෙල්ලෙන්න පක්ෂ විපක්ෂ කියපු කතා එක පෙළට....

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

උක් කර්මාන්තය නගා සිටුවීමට ශ්‍රී ලංකාව හා බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්...

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

කුඹුරුවලින් 1/3ක වී වගාව නතර කරනවා අපිට බනී: බැනුම් අහලා හුරුයි - ඇමති ලාල්කාන්ත

 ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

ට්‍රම්ප් රටවල් 14කට යළි තීරුබදු පනවයි - 12ක්ම ආසියාවේ

 T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

T.O. සහ සහන නිලධාරීන්ගේ වෘත්තීය පියවර හේතුවෙ

 පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

පළාත් 5කට අද මි.මී. 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අයිස් කට්ටිය වැඩිවෙයි - හෙරොයින්වලට ඇතුළට යෑම අඩුවෙයි

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

අම්මා රට ගිහින් : ආච්චි භාරයේ සිටි බාලවයස් සිසුවිය කෙලෙසු SI අවුරුදු 50ක් හිරගෙට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ළමා හිංසකයින්ගේ නම් ප්‍රසිද්ධියට

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ජනපති අනුරගේ 58 වැනි ජන්ම දිනය අදයි | Ada Derana

ඉල් පොහොය අදයි  | Ada Derana

ඉල් පොහොය අදයි | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

ලංකාව බෞද්ධ රටක් ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක් | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

තායිලන්ත නි. අගමැති සහ විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

සිංහරාජයේ කෘමීන් ඇල්ලු චීන ජාතිකයන් සිව්දෙනාට ලක්ෂ 764 දඩයක් | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana

රැවුල වවාගෙන ප්‍රී ෂුට් කළ ට්‍රැෆික් රාලහාමි පොලීසියෙන් උස්සලා | Ada Derana