
වීරකැටිය, කිංචිගුණේ ප්‍රදේශයේදී පිස්තෝලයක් සහ පතරොම් 06ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන කිංචිගුණේ, මැදමුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





















































