
පවතින වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 02 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහිදී තත්ත්පරයට ඝන අඩි 5600ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ හේතුවෙන් ජලාශයේ පහළ ප්‍රදේශවල දැදුරුඔය භාවිත කරන ප්‍රජාවට මේ පිළිබදව විමසිලිමත්ව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.





















































