
සෞදියේ අරබියේදී මරණ දඬුවම් නියමවී සිටින අනෝජන් සිවරාසාගේ නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන අභියාචනය නීති කණ්ඩායම විසින් සකස් කර අවසන් කර තිබේ.
ශ්‍රී ලාංකීක නීතිඥ කණ්ඩායමක් සමග සමග සිදු කරන සාකච්ඡාවලින් අනතුරුව එය කඩිනමින් ගොනු කිරීමට අපේක්ෂා කෙරේ.
ඉස්ලාම් දහමට අපහාසයක් වන ආකාරයෙන් සමාජ මාධ්‍යයෙහි අදහස් පළ කළ බව කියමින් අනෝජන් සිවරාසාට සෞදි අරාබි අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී.
කෙසේවෙතත් මීට පෙර එරට පහළ අධිකරණයක් විසින් ඔහුට එරෙහිව වසර පහක සිර දඬුවමක් නියම කර තිබිණි.
කෙසේවෙතත් රජයේ නීතිපතිවරයා විසින් ගොනු කරනක ලද අභියාචනයක් මත එම තීන්දුව අභියාචනාධිකරණයේදී වෙනස් කෙරුණු බව සඳහන්ය.






















































