
සෞදි අරාබියේදී මරණ දඬුවම හිමිව සිටින සිවරාසා අනෝජන්ගේ දණ්ඩනයට ඉවත් කරගැනීම සඳහා වන සාකච්ඡාවකට මෙරට නීතිඥ කණ්ඩායම එක්ව සිටිති.
ඒ අනුව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සහ අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන මහත්වරුන් ඊට එක්ව සිටින බව සඳහන්ය.
තව ද ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විනිසුරු එම්.ටී මොහොමඩ්, නීතිඥ ෆාරිස් ෆසාල් අබ්දුල් හෆීල් මොහොමඩ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් රියාස්ඩීන් සිල්මි යන අය ද මෙම දූත මණ්ඩලය නියෝජනය කරනු ලබයි.
සමාජ මාධ්‍යයෙහි සිදු කළ අදහස් දැක්වීමකින් ඉස්ලාම් දහමට කිසිම අපහසයක් වූ බවට චෝදනා කරමින් සිවරාසා අනෝජන් හට මරණ දඬුවම නියම කිරීමට සෞදි අධිකරණය කටයුතු කළ බව සඳහන්ය.
ඉන් අනතුරුව අදාළ දඬුවම ලිහිල් කර ගැනීමට මැදිහත් වන ලෙසට මෙරට ආගමික නායකයින් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින් ද ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද සිදු කළහ.
ඒ අනුව මෙම නීතිඥ කණ්ඩායම ඊයේ (06) සෞදිය බලා පිටත්ව ගියහ.





















































