
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීමට එරෙහිව සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිෙේ.
පූජ්‍ය නීතියගම චන්දිම හිමි පැවසුවේ, අද (07) උසෑසන 9.00ට කොළඹ අධිකරණ පරිශ්‍රයේදී මෙම විරෝධය පැවැත්ව බවය.
“රටක්, ජාතිකයක්, ආගමක් සහ සංස්කෘතියක් අපි හැමෝටම තියෙනවා. අපි අධිකරණ නියෝගයට විරුද්ධව අදහස් දක්වනවා නෙමෙයි. නමුත් අපේ රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර ගලවලා, ප්‍රසිද්ධියේ රැගෙන ඒම කාගෙත් සිත් කම්පාවට පත්කරපු කාරණාවක්. එබදු පූර්වාදර්ශයක් රටක කිසිම කෙනෙකුට ඇති නොවීමට වගබලා ගැනීම තරුණ අප කාගෙත් වගකීමක්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 9 කොළඹ අධිකරණ පරිශ්‍රයට එන්න. ඒ වෙන කිසිවක් සඳහා නොවෙයි. එවැන්නක් යළි පූර්වාදර්ශයක් නොවන්න ඕනේ.”
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් බෞද්ධයෙකු වශයෙන් කනගාටුවට පත්වන බව විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
පාඨලී චම්පික රණවක මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ, උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමේ බලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නොමැති බවය.
කෙසේවෙතත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බනධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා මෙලෙස පැහැදිලි කිරීමක් සිදුකළේය.





















































