
Update 10:20 AM - අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වනවිට අල්ලස් කොමිසම වෙත රැගෙන විත් තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදීය.
පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවටගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය.
ඒ සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළවය.





















































