
2025/2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීමට පාදුක්ක දුම්රිය ස්ථානය සමත්ව තිබේ.
මෙම සම්මාන උළෙල සඳහා රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් තරග වැදුණු අතර, ජාතික ඵලදායිතා සම්මාන උළෙලකදී සම්මානයකින් පිදුම් ලැබූ ප්‍රථම දුම්රිය ස්ථානය ලෙස ඉතිහාසයට එක්වීමට ද පාදුක්ක දුම්රිය ස්ථානය මෙහිදී සමත් විය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ඵලදායිතා මහා ලේකම් කාර්යාලය මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇත.





















































