
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී අද (09) පෙරවරුවේ කොළඹ අක්ෂි රෝහල වෙත රැගෙන ආ හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉන් රැගෙන ගොස් තිබේ.
ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ ඒ මහත්මිය අක්ෂි රෝහල වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය.
ඒ මහත්මිය ඊයේ (08) බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය උපදෙස් මත ජාතික අක්ෂි රෝහලේ විශේෂ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නිර්දේශ කර ඇත.
ඒ අනුව අද උදෑසන හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අක්ෂි රෝහල වෙත රැගෙන එනු ලැබුවාය.





















































