
හැටන් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය එක් මන්තීරුවකට සීමා කර ඇත.
එම මාර්ගයේ නෝර්වුඩ් මංසන්දියේ සිට නෝර්වුඩ් වත්ත දක්වා ස්ථාන දෙකක් ගිලා බැස ඇති අතර, එසේ ගිලා බැසූ ස්ථාන නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගය මගින් ආරක්ෂිත පැති බැමි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.
පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම මාර්ගය ගිලා බැසීම ආරම්භ වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල පවසා තිබේ.





















































