
ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම හා සම්බන්ධ ප්‍රශ්නය ඇතුළු කරුණු 7ක් සම්බන්ධයෙන් කරුණු විමසා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් බුද්ධ ශාසන මණ්ඩලයේ ලේකම් ස්වාමීන් වහන්සේ වෙත ලිපියක් යොමු කර තිබේ.
වර්තමානයේ මහා පරිමාණ වශයෙන් පැතිර යමින් පවතින බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ පරමාර්ථයෙන් පිහිටුවන ලද බුද්ධ ශාසන මණ්ඩලය මගින් මෙතෙක් ගන්නා ලද විසඳුම්, දායක පියවර මොනවාද යන්න පිළිබඳව රටේ ජනතාව මෙන්ම නිකාය සංඝ සභාවන් පවා කිසිදු දැනුවත්භාවයකින් තොරව පසුවන බව එම ලිපියෙන් උන් වහන්සේ පෙන්වා දෙති.
එබැවින් එම මණ්ඩලය මගින් මේ දක්වා සිදුව ඇති කාර්යභාරය මෙන්ම, මේ දිනවල බරපතළ ලෙස පැනනැගී ඇති ශාසනික ගැටලු සම්බන්ධයෙන් ගන්නා ලද හෝ ගැනීමට බලාපොරොත්තු වන පියවර මොනවාද යන්න පිළිබඳව වහාම කරුණු පැහැදිලි කරන ලෙස එමගින් ඉල්ලා සිටිති.
මෙම ලිපියේ පිටපත් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් වෙත සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ද යොමු කිරීමට උන්වහන්සේ පියවර ගෙන තිබේ.
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි බුද්ධ ශාසන මණ්ඩලයේ ලේකම් ස්වාමීන් වහන්සේ වෙත යොමුකළ ලිපිය





















































