
රැකියා විරහිත සියලු උපාධිධාරීන් සඳහා මෙවර අයවැයෙන් රැකියා ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් සිදුකර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.
අදාළ ලිපිය මගින් ඔහු පෙන්වා දී ඇත්තේ, වත්මන් රැකියා විරහිත සියලු උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර, පැහැදිලි කාලසීමාවක් තුළ එම ප්‍රතිපත්තිමය පොරොන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ ලිපිය පහතින්,






















































