
මීගමුව, වෑඩබ පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට මෙලෙස තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.





















































