
ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍ර සකස් කළ අඹුසැමි යුවළක් වේරහැර ජනතා මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ව්‍යාජ ලෙස සකස් කරන ලද තාවකාලික රියැදුරු බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අදාළව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි කාන්තාවක් සහ 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඔවුන් සන්තකයේ තිබී ද ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍රයක් ද සොයා ගැනීමට නිලධාරීන් සමත් වී ඇත.
අදාළ අඹුසැමි යුවළ විසින් වසර එකහමාරක පමණ කාලයක සිට මෙලෙස ව්‍යාජ තාවකාලික රියැදුරු බලපත්‍ර සකස් කර මුදලට අලෙවි කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.





















































