
ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට චීනය සමත් වී තිබේ.
ඒ, චීනය රන් පදක්කම් 169ක්, රිදී පදක්කම් 89ක් සහ ලෝකඩ පදක්කම් 83ක් ද ඇතුළුව සමස්ත පදක්කම් 341ක් දිනා ගනිමිනි.
ඒ අනුව රන් පදක්කම් සංඛ්‍යාවෙන් මෙන්ම සමස්ත පදක්කම් සංඛ්‍යාවෙන් ද චීනය පෙරමුණ ගෙන තිබේ.
මෙය ඉතිහාසයට එක් වන්නේ, විදෙස් රටක පැවති ආසියානු ක්‍රීඩා උලෙළකදී චීනය දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙසයි.
මීට පෙර චීන කණ්ඩායම විදේශයකදී පැවති ආසියානු ක්‍රීඩා උළෙලකදී වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව හිමිකරගත්තේ 2006 වසරේ Dohaහි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදීය.
එහිදී දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව 165කි.
මෙවර 20 වැනි Aichi-Nagoya ආසියානු ක්‍රීඩා උළෙල අද (04) නිමාවට පත් වූ අතර, එහිදී උලෙළේ ධජය, මීළඟ සත්කාරක රාජ්‍යය වන කටාර්හි දෝහා නුවර වෙත භාරදීම ද සිදු විය.
මේ අතර, මෙම ක්‍රීඩා උලෙළින් ශ්‍රී ලංකාව 28වැනි ස්ථානය හිමිකර ගෙන තිබේ.





















































