
ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (04) පස්වරු 4ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට දිනය දක්වා වලංගු වෙයි.
ඒ අනුව,උතුර, උතුරු - මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කල යුතු' මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.





















































