
මෙරට මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ සමගම ධීවර කටයුතු සඳහා ඔවුන් භාවිත කරන ලද ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත.
යාපනය ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව උල්ලංගඝනය කරමින් මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී මෙම සැකකරුවන් ඊයේ (03) සවස්වරුවේ නාවික හමුදා භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව විසින් සිදුකරන ලද නිරීක්ෂණයක් අනුව සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස හසුවී තිබේ.
මේ වන විට අදාළ ධීවරයින් සහ ධීවර යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන විත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇති බවද නාවික හමුදාව සඳහන් කළේය.





















































