header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
මිල සූත්‍රය අධ්‍යනය කරන්න ඛනිජ තෙල් බෙදුම්කරුවන් කල් ඉල්ලයි
මිල සූත්‍රය අධ්‍යනය කරන්න  ඛනිජ තෙල් බෙදුම්කරුවන් කල් ඉල්ලයි
Mobitel 1278

තම ප්‍රවාහන වියදම් ඉහළ නැංවීම පිළිබඳව පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් අද (02) පස්වරුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් පැවසුවේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කර ඇති ගාස්තු ඉහළ නැංවීමේ ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ලබන සඳුදා තෙක් කල් ලබාගත් බවය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ. එම්. එච්. අධිකාරී මහතා සඳහන් කළේ, මෙහිදී තම යෝජනා සම්බන්ධයෙන් සාධනීය විසඳුම් කිහිපයක් ලබා ගැනීමට හැකි වූ බවය.

නව ගාස්තු සූත්‍රය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර එහි ඇති ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ලබන සඳුදා දක්වා තාවකාලිකව කල් ලබාගත් බව ද සභාපතිවරයා පැවසීය.

ඩීසල්, ටයර්, බැටරි, නඩත්තු වියදම් සහ සේවක වේතන ඇතුළු ව්‍යාපාරය පවත්වාගෙන යාමට යන පිරිවැය සලකා බලා ගාස්තු සංශෝධනයක් සිදු කිරීම මෙයින් අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම තම සංගමයේ ගණනය කිරීම්වලට අනුව සාමාන්‍යයෙන් 20%ක පමණ ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ. එම්. එච්. අධිකාරී මහතා:

"අද දින විශේෂ සාකච්ඡාවක් අපේ සංගම් දෙක අතර සිදුවුණා. එහිදී අපි දීර්ඝව සාකච්ඡා කළා මේ අලුතෙන් හඳුන්වා දෙන සූත්‍රය සහ අපේ ගාස්තුව කොහොමද වැඩිවෙන්නේ කියලා. ඒ සාකච්ඡාව මේ වෙනකොට අවසන් වුණා. එම සාකච්ඡාවේදී අපේ යෝජනා සම්බන්ධයෙන් සාධනීය විසඳුම් කිහිපයක්ම අපිට ලබාගන්න පුළුවන් වුණා. එහිදී අපි තව දවස් තුනක් කල් ඉල්ලා ගත්තා, ලබන සඳුදා වෙනකම්. මේක තවදුරටත් අධ්‍යයනය කරලා, මේ සූත්‍රයේ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒකත් විසඳගන්න අපි කාලය ඉල්ලා සිටියා. ඒ අනුව අපි තාවකාලිකව ලබන සඳුදා වෙනකම් CPC ආයතනයෙන් කල් ඉල්ලා ගත්තා. විශේෂයෙන්ම CPC ආයතනය ලොකු උත්සාහයක් දැරුවා මේක නිවැරදි කරන්න.

ඒ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගෙන මොරටුව විශ්වවිද්‍යාලය, CPC සහ අපේ සංගම් දෙක අතර තමයි මේ දීර්ඝ සාකච්ඡාව පැවැත්වුණේ. ඒ අනුව අපිට දැනට විශ්වාසයක් තියෙනවා සාධනීය විසඳුමක් ලැබෙයි කියලා. ලබන සඳුදා තෙක් අවසන් තීන්දුව ලබාගැනීමට කල් ඉල්ලා ගත්තා. අපේ ගණනය කිරීමට අනුව සාමාන්‍යයෙන් 20%ක පමණ වැඩිවීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් තවම යෝජනාවක් කර නැහැ. මේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට යන වියදම් ඩීසල් වියදම, ටයර්, ටියුබ්, බැටරි, සේවක කුලී සහ නඩත්තු වියදම් සියල්ල සමඟ නිවැරදිම ගණනය ලබා ගැනීම තමයි මෙයින් බලාපොරොත්තු වෙන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ