
පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2021 වසරේ සිට ආනයනය තහනම් කළ පාම්තෙල්, නැවත ආනයනය කිරීමේ සූදානමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ පාම්තෙල් ආනයනය කිරීමට ඇති තහනම ඉවත් නොකරන ලෙසය.
ඒ පිළිබඳ වූ ලිපියක් සභාපතිවරයා විසින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත අද (02) පෙරවරුවේ භාර දී තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ මෙම ක්‍රියාවලිය පිටුපස කූට ව්‍යාපාරිකයින් සහ දූෂිත නිලධාරීන් සිටින බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් විතානගේ මහතා,
"මේවා පිටුපස කූට ව්‍යාපාරිකයින් ඉන්නවා, දූෂිත නිලධාරීන් ඉන්නවා. ඉතින් මේ නිසා අපි රජය දැනුවත් කරනවා මේ අවස්ථාවේ. අවසාන වශයෙන් කියන්නේ මේ රටට පාම් තෙල් ආනයනය කිරීමට තියෙන තහනම ඉවත් කරන්න එපා."





















































