header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
2027 අප්‍රේල් සිට වස විස සහිත පලතුරු වික්කොත් වැඩ වරදී
Oct 01, 202606:40 PM
2027 අප්‍රේල් සිට වස විස සහිත  පලතුරු වික්කොත් වැඩ වරදී
Mobitel 1278

වස විස සහිත පලතුරු අලෙවි කරනු ලබන වෙළෙන්දන්ට එරෙහිව ලබන වසරේ අප්‍රේල් මාසයේ 01 වනදා සිට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (01) කොළඹදී පැවැති ‘‘වස විසෙන් තොර පලතුරු දරුවන්ට‘‘ යන තේමාව යටතේ වන ජාතික වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඔක්තෝබර් 01 වනදා සිට දිවයින පුරා පිහිටි පලතුරු වෙළඳසැල් සහ තොග බෙදාහරින්නන් ලියාපදිංචි කිරීම සහ දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.

වස විස භාවිතයෙන් තොරව පලතුරු ඉඳවා ගැනීම, වස විස යෙදීමකින් තොරව ගොවිපළවලින් පලතුරු නෙළා ගැනීම සහ පාරිභෝගිකයා වෙත විශ්වාසවන්ත ලෙස බෙදා හැරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් සමඟ සාකච්ඡා කර ඔවුන්ව මෙම වැඩපිළිවෙළට පෙළගැස්වීමට නියමිතය.

ලබන මාර්තු මාසය වන විට පාරිභෝගික සේවා අධිකාරිය මඟින් වස විසෙන් තොර පලතුරු අලෙවි කරන ව්‍යාපාර හඳුනාගෙන, ඒ සඳහා වන විශේෂ සහතික පත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ දිවයින පුරා පිහිටි පලතුරු වෙළඳසැල් සිතියම්ගත කොට, QR කේතයක් ඔස්සේ වස විසෙන් තොර පලතුරු අලෙවි කරන ස්ථාන සොයා ගැනීමට හැකි පරිදි නව ක්‍රමවේදයක් ද සකස් කරන බවය.

ලබන අප්‍රේල් 01 වනදා සිට වස විස සහිත පලතුරු අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

"මේ ඔක්තෝබර් පළවෙනිදා පටන් ගත්තාම රට පුරා තියෙන පලතුරු වෙළඳසැල් සහ තොග බෙදාහරින්නන් ලියාපදිංචි කරන්න, දැනුවත් කිරීම් කරන්න කටයුතු කරනවා. කොහොමද වස විස නැතුව පලතුරු ඉදවන්නේ, වස විස යොදන්න ඕනේ නැති පලතුරු කොහොමද ගොවිපළෙන් නෙළාගන්නේ, ඒක කොහොමද පාරිභෝගිකයා අතරට පත්කිරීමේදී විශ්වාසවන්තව ගෙනියන්නේ කියන කාරණය අපි ඔවුන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ව පෙළගස්වන්න සූදානම් වෙනවා. අපේ අවසාන ඉලක්කය, ලබන මාර්තු මාසය වන විට පාරිභෝගික සේවා අධිකාරියෙන් අපි සිදුකරන ව්‍යාපාරය අව්‍යාජව වස විසෙන් තොර පලතුරු විකුණන ව්‍යාපාරයක් බවට සහතික කරපු සහතික පත්‍රයක් ලබාදෙන්න කටයුතු කරනවා. රට පුරා තියෙන පලතුරු වෙළඳසැල් සිතියම්ගත කරලා, ඒ QR කෝඩ් එකක් හරහා ගියපුවාම වස විසෙන් තොර පලතුරු අලෙවි කරන්නේ කොතැනද කියන කාරණය සොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ලබන අප්‍රේල් මාසේ පළවෙනිදා සිට වස විස සහිත පලතුරු විකුණන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන රටේ පවතින නීති, ඒ වගේම අපි අවශ්‍ය කරන ගැසට් පත්‍ර මඟින් පාරිභෝගිකයාට සලසන්න අවශ්‍ය ඒ නීතිමය ක්‍රියාමාර්ගත් ඉස්සරහට ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ