
වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ නේරියකුලම වැවේ සඟවා තිබූ T-56 ගිනිඅවියක්, පතොරම් ගැබ් තුනක් සහ පතොරම් 84ක් සොයාගෙන තිබේ.
ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම ගිනිඅවිය සහ පතොරම් තොගය සොයාගෙන ඇත.
පොලීසිය සැකපළ කරන්නේ කිසියම් අපරාධයක් සිදුකළ පිරිසක් විසින් මෙම ගිනිඅවිය අදාළ ස්ථානයේ සඟවන්නට ඇති බවය.
පොලිස් භාරයට ගත් ගිනිඅවිය සහ පතොරම් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.





















































