
ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් 3ක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.
අදාළ ඖෂධ තොගය ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයකින් ඊයේ (28) දිනයේ කොළඹ වෙත එවා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පෙන්වා දී ඇත.
සිය සමාජ ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට සහාය වීමට ඉන්දියාව අඛණ්ඩව කැපවී සිටින බවය.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් මෙරට පාලම් 14ක් ඉදිකිරීම සඳහා සහාය පළකිරීමට ශ්‍රී ලංකා රජය සහ චීන රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති බව වාර්තා වේ.





















































