
ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ.
හෘද රෝග පිළිබඳව සමාජය දැනුවත් කිරීම, හෘදයාබාධ වළක්වා ගැනීම සහ නිරෝගී ජීවන රටාවකට ජනතාව යොමු කිරීම අරමුණු කරගනිමින් ලෝක හෘද සම්මේලනය විසින් සෑම වසරකම මෙම දිනය සමරනු ලබයි.
ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස හදවත් රෝග සැලකිය හැකි අතර ලෝක හදවත් දිනය ප්‍රකාශයට පත් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ ඒ පිළිබද දැනුවත් කර එමගින් සිදුවිය හැකි මරණ අවම කර ගැනීමය.
මෙවර හදවත් දිනයේ තේමාව වන්නේ "Don't Miss a Beat" යන්නයි.
හෘද රෝගවල පූර්ව ලක්ෂණ නොසලකා නොහැරීම සහ හදවතේ නිරෝගීබව රැකගැනීමට කාලෝචිත ලෙස ක්‍රියාකිරීම මෙයින් අවධාරණය කෙරේ.





















































