
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, හල්ගහදෙණිය පාරේ පදිංච් 38 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.
ඇය ඊයේ (28) ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
අදාළ කාන්තාව විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ තිබී ග්‍රෑම් 916 ක් බරැති වළලු සහ මාළ තොගයක් සොයා ගැනීමට නිලධාරීන් සමත් වී ඇත.
එම ආභරණ තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හැට හය ලක්ෂ විසි අට දහස් නවසිය තිස් හතක් වන බවද සඳහන්.
අත්අඩංගුවට ගත් කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.





















































