
හොරොව්පොතාන, ඉහල කුඹුක්කොල්ලෑව ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳක තිබී 21 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඉහල කුඹුක්කොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි අමීර්දීන් මුලව්පර් සහ්රාන් නැමැති තරුණයෙකි.
පසුගිය 24 වනදා මෙම තරුණයා සිය සහෝදරිය සමඟ ගවයන් බැලීම සඳහා ගොස් ඇති අතර එහිදී සහෝදරිය වෙත දර ලබා දී, තමා පසුව පැමිණෙන බව පවසා ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
කෙසේවෙතත් ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ ඥාතීන් එක්ව සිදුකළ සෝදිසියකදී මෙම අතහැර දැමූ ළිඳේ තිබී ඔහුගේ සිරුර සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ මළ සිරුරේ තුවාලයක්ද දක්නට ලැබුණු බවය.
සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.





















































