header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ග්‍රාම නිලධාරියෙකුට පැනවූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි
ග්‍රාම නිලධාරියෙකුට පැනවූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි
Mobitel 1278

ආබාධිත පුද්ගලයෙකුට නිවාස ආධාර ලබාදීමේ කටයුතු කඩිනමින් ඉටු කර දීම සඳහා රුපියල් 25,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ග්‍රාම නිලධාරීවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවන ලැබූ බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (25) ස්ථිර කළේය.

අදාළ සිර දඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර ග්‍රාම නිලධාරීවරයා විසින් ඉදිරිපත් කළ විශේෂ අභියාචනා අයදුම්පතක් විභාගයට ගැනීම අවසර දීම ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

2013 වසරේ ආබාධිත පුද්ගලයෙකුට නිවාස ආධාර ලබාදීමේ කටයුතු කඩිනමින් ඉටුකරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 25,000/-ක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් රත්නපුර, කුඩාව වසමේ සේවය කළ මෙම විත්තිකාර ග්‍රාම නිලධාරියාට එරෙහිව 2014 වසරේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවලට වරදකරු කෙරුණු මෙම විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර පහක සිර දඬුවම් නියම කළේය.

පසුව එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කෙරිණි.

එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණය අවසානයේදී එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබුණි.

එම තීන්දුව සම්බන්ධයෙන් අතෘප්තියට පත් අදාළ විත්තිකාර හිටපු ග්‍රාම නිලධාරියා පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කළේය.

එම අභියාචනා අවසර අයදුම් පත අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අභියාචක පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට එරෙහිව මහාධිකරණය විසින් පනවා තිබෙන දඬුවම නීතිමය වශයෙන් දෝෂ සහගත බව පෙන්වා දෙමින් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.

නමුත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකරුට එරෙහිව මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුව  නිසි ලෙස සාක්ෂි ඇගයීමකින් අනතුරුව විනිසුරුවරයා විසින් ලබා දී තිබෙන බවය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බවත් නියෝග කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

 කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

 කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

 අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

 හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

 '22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

'22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු