
ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි ‘කාවන්තිස්ස’ ඇතාට කඩිනම් ප්‍රතිකාර ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
නිකවැරටිය පශු වෛද්‍ය පුබුදු මහත්මිය ප්‍රමුඛ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (24) උදෑසන සිට උස්ගල සියඹලාන්ගමුව වැව ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි ඇතාට ප්‍රතිකාර ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීම යටතේ, පශු වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ගංගා මහත්මියගේ උපදෙස් මත මෙම ප්‍රතිකාර කටයුතු සිදුකෙරේ.
ඒ සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, වනජීවි නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් එක්ව සිටී.
කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පශු වෛද්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම පශු වෛද්‍ය කණ්ඩායම් සහ වනජීවි නිලධාරීන් විසින් ඇතාගේ තත්ත්වය පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් ද සිදුකරමින් පවතී.



















































