
එංගලන්තයට එරෙහිව චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හිදී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග මුදලින් 15% ක දඩයක් නියම කර තිබේ.
අයි.සී.සී. තරග තීරක ජෙෆ් ක්‍රෝව් විසින් මෙම දඩ මුදල පැනවූයේ, කාලය ඉතිරි කර දෙන අවස්ථා හැරදැමීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර තුනක් පිටුපසින් සිටින බවට තීරණය වීමෙන් අනතුරුවය.
අවම පන්දුවාර වේග නීති උල්ලංඝනය කිරීම යටතේ අයි.සී.සී. චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගතියට අනුව, නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් වෙනුවෙන්ම ක්‍රීඩකයන්ට තම තරග මුදලින් 5% ක දඩයක් පැනවේ.
ඒ අනුව පන්දුවාර 3ක් අඩුවෙන් යැවීම නිසා 15% ක දඩයක් නියම වී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් විසින් වරද පිළිගනිමින් යෝජිත දඩය භාරගෙන ඇත.
පිටියේ විසුරුවන් ලෙස වේන් නයිට්ස් සහ ග්‍රැහැම් ලොයිඩ් කටයුතු කළ අතර, තෙවන විනිසුරු ලෙස ඇඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් සහ සිව්වන විනිසුරු ලෙස ජේම්ස් මිඩ්ල්බෲක් යන මහත්වරුන් විසින් මෙම චෝදනාව එල්ල කරනු ලැබීය.


















































