header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
වැස්ස ගැන අලුත්ම අනාවැකිය
වැස්ස ගැන අලුත්ම අනාවැකිය
Mobitel 1278

එල් නිනෝ තත්ත්වය ප්‍රබල වීම නිසා ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක් සමඟ ගංවතුර අවදානමක් මතුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසන්නේ පැසිෆික් සාගරය ආශ්‍රිතව එල් නිනෝ තත්ත්වය ප්‍රබල වීම සහ ඉදිරියේදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සක්‍රීය වීම මෙයට හේතු වන බවය.

දැනට පවතින කාලගුණික දත්තවලට අනුව ඉදිරි දින කිහිපයේදී නිරිතදිග ප්‍රදේශවලට වැසිබර කාලගුණයක් බලාපොරොත්තු විය හැකි අතර, වියළි කාලගුණයක් පැවැති ප්‍රදේශවල මෙම මාසයේ අග එනම් 28, 29 වනදා සිට ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද ඒ මහතා පැවසීය.

මේ අතර අද (25) දිනයේදී බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවලට විටින් විට වැසි ඇති විය හැකි අතර, පස්වරු 2.00 න් පමණ පසු ඌව පළාතට මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

එමෙන්ම කන්කසන්තුරේ සිට පුත්තලම දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50-55 දක්වා වැඩි විය හැකි බැවින් මුහුද තරමක රළු විය හැකි බව වාර්තා වේ.

හලාවත සිට පොතුවිල් දක්වා මුහුදු රළ මීටර් 2-3 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි අතර, බේරුවල සිට මාතර දක්වා වෙරළාශ්‍රිත ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ධීවර, නාවික සහ වෙරළබඩ ජනතාවගෙන් ඉල්ලා සිටී.

එහිදී අදහස් දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා,

''අද දවසේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි. ඒ වගේම සවස 2න් පමණ පසු, ඌව පළාතේ, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්, තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. දිවයින වටා වන මුහුදු තීරය පිළිබඳව අවධානය යොමු කරද්දී, විශේෂයෙන්ම හලාවත සිට, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල, අද දවසේදී, තැනින් තැන වැසි ඇති විය හැකියි. සුළං නිරිත දෙසින් හමා ඒවි. සුළඟේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් තිහ, හතළිහ අගයන් ගන්න පුළුවන්. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් පනහ, පනස් පහ පමණ අගයන් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක රළු ස්වභාවයක් ගන්න පුළුවන්.

මීට අමතරව විශේෂයෙන්ම අද දවසේදී හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර, පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් දෙකත්, තුනත් ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව විශේෂයෙන්ම අපි ගත්තොත් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවකුත් පවතිනවා. ඉතින් මේ සම්බන්ධයෙනුත් සිය අවධානය යොමු කරන්න කියලා ධීවර සහ නාවික ප්‍රජාවට, ඒ වගේම වෙරළබඩ ජනතාවට මතක් කර සිටිනවා.

දැනට පවතින කාලගුණික දත්ත අනුව අපි ගත්තොත් විශේෂයෙන්ම ඉදිරි දවස් කිහිපයත්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි ඇති වේවි. විශේෂයෙන්ම වියළි කාලගුණයක් පැවතිච්ච ප්‍රදේශවල මේ මාසයේ අග, ඒ කියන්නේ විසිඅට, විසිනමය සහ ලබන මාසයේ ඉඳන් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට තත්ත්වයන් නිර්මාණය වේවි. සුළං ප්‍රවාහයන් වෙනස් වීමේ හැකියාවන් පවතිනවා.ඉතින් ඒ අනුව දැනට තියෙන විදිහට අපිට දකින්න පුළුවන් වෙන්නේ ඉදිරි දවස් කිහිපයට යම් බලපෑමක් ඇති විය හැකියි. ඒ අනුව තමයි ඇත්තටම ඉදිරි දවස් කිහිපයත් තරමක වැසිබර තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්, විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල.''

තවදුරටත් එල් නිනෝ තත්ත්වය ප්‍රබල වෙමින් පවතිනවා පැසිෆික් සාගරය ආශ්‍රිතව. ඉතින් ඒ අනුවම ඇත්ත වශයෙන්ම අපි ගත්තොත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල අපි අපේ පුරෝකථනවල තිබිච්ච විදිහටම වර්ෂාපතනයේ වර්ධනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇතැම් අවස්ථාවල අපිට ගංවතුර තත්ත්වයන් සඳහා සූදානම් වීම අවශ්‍ය විය හැකියි. සාමාන්‍යයෙන් ගත්තත් ඔක්තෝබර්, නොවැම්බර් දකිනවා ගංවතුර තත්ත්වයන්. විශේෂයෙන්ම බෙංගාල බොක්ක සක්‍රීය වීමත් සමඟ ඇති වන තත්ත්වයන්. ඉතින් මෙවරත් අපි හිතනවා වර්ෂාවේ වැඩි වීම අනුව එවැනි තත්ත්වයන්වලට අපිට සූදානම් වීම අවශ්‍ය වේවි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු