
අද (25) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වන විවාදය අද පැවැත්වෙන අතර, පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ විය.
සජීවී විකාශය පහතින් නරඹන්න..



















































