
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලියේදී දක්වන ලද අතිවිශිෂ්ට පිතිහරඹය හේතුවෙන්, අගෝස්තු මාසයේ ICC හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ නම්කර තිබේ.
සොනාල් ඉන්දියාවට එරෙහිව පැවැති එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්විය.
එහිදී ඉනිම් 4ක් තුළ ශතක 3ක් සහ අර්ධ ශතකයක් ද සමගින් ලකුණු 420ක් රැස්කිරීමට ඔහු සමත් වූ අතර, දෙවන ටෙස්ට් තරගයේ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමටද ඔහුට හැකිවිය.
මෙම සුවිශේෂී දස්කම් සමගින් නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 24වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සොනාල් සමත්ව ඇත.
අගෝස්තු මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය සඳහා එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසාන් මහමුද් ද නිර්දේශිත නාම අතර සිටි අතර, ඔවුන් අභිබවා යමින් සොනාල් දිනූෂ මෙම සම්මානය තමන් සතු කරගත්තේය.



















































