
විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහරදීම ඇතුළු චෝදනා ලබා සිටි කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අදාළ තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඉකුත් 2021 වර්ෂයේ දී පවත්වා තිබුණි.
දීර්ඝ නඩු භාගයකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සඳහන් කළේ විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවය.
විත්තිකාර චූලා පද්මේන්ද්‍ර මේ වන විට මියගොස් සිටින බවත් අධිකරණයට දැනුම් දී ඇත.
























































