
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව, බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවට එක්වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (12) විශේෂ ගුවන් යානයකින් නවදිල්ලිය බලා පැමිණියේය.
ඔහු සමග චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, Cai Qi මහතා සහ විදේශ අමාත්‍ය වං යී මහතා ඇතුළු පිරිස එක්ව සිටිති.
නවදිල්ලියේ Palam ගුවන් හමුදා කඳවුරට පැමිණි චීන ජනපතිවරයා පිළිගනු ලැබුවේ, ඉන්දියාවේ චීන තානාපති Xu Feihong මහතා ඇතුළු ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසිනි.
අනතුරුව බ්‍රික්ස් රටවල නායකයින් සඳහා පැවැත්වෙන විශේෂ පිළිගැනීමේ උත්සවයට ද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක් විය.



















































